දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය තමන් බලයට පැමිණි පසු ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවට  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එදා ලබාදුන් පොරොන්දුව අද පුස්සක් බවට පත්ව තිබීම ජාතියේ අවාසනාවක් වී ඇතැයි සුරකිමි ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (27 දා* සඳහන් කළහ.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජය ෂරියා නීතිය පැවතීම, විල්පත්තු වන සංහාරය, දොස්තර ෂාෆී ෂෙහාබ්ඞීන් සිද්ධිය සහ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පවසමින් එහි චූදිතයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පවසමින් මෙරට ජනතාවගේ ඡන්ද දිනා ගත්තද ඉහත සිද්ධීන් කිසිවක් සාධනීය අවසානයක් කරා ගෙන යෑමට රජය ක‍්‍රියා නොකිරීම තුළ අද ඔවුන් ජනතාවගේ විශ්වාසභංගත්වයට පත්ව ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

නැෙඟනහිර ෂරියා විශ්වවිද්‍යාලය මූලික කර ගනිමින් අරාබිය සමග නීති විරෝධීව ගනුදෙනු කරමින් මෙරට මූල්‍ය නීති කඩකළ හිටපු නැෙඟනහිර මහ ඇමැති හිස්බුල්ලාට මෙරට නීතිය ක‍්‍රියාත්මක නොවීමේ අදිසි හස්තය කාගේදැයි ජනතාව මේ වන විට අවබෝධ කරගෙන සිටින බව ද කී ආනන්ද සාගර හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමට මෙරට ක‍්‍රියාත්මක වූ නීතිය කුමක්දැයි ප‍්‍රශ්නකර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More