දේශීය පුවත්

‘කොවිඞ් 19’ හේතුවෙන් නිවෙස් ගත ස්වයං නිරෝධායනයට ලක් වන අයගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇත.

ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇත. නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයන් එම කාර්ය නිසියාකාරව ඉටු කිරීම සොයා බැලීම මෙම නිලධාරීන්ගේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.

ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මේ සඳහා යොදවා ඇත. මීට අමතරව පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ. එසේම මෙම නිලධාරීන් සතියේ දවස් වෙන් වෙන්ව අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

මේ අනුව සඳුදා ආර්ථික සංවර්ධන නිලධාරීන්, අඟහරුවාදා පොලිස් නිලධාරීන්, බදාදා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, බ‍්‍රහස්පතින්දා ග‍්‍රාම නිලධාරීන්, සිකුරාදා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සෙනසුරාදා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ඉරිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා ඇත.

නිරෝධායනය වන දින 14ක කාලයේ දී එක් නිලධාරියකුට නිවෙස් නිරීක්ෂණය කිරීමට දින දෙකක් වෙන් කර ඇති අතර, එම කාලයේදී නිරෝධායනය වන පවුලේ සාමාජිකයකු ආසාදිතයකු බවට හඳුනාගත හොත් එම නිවසේ අනෙකුත් සාමාජිකයන් ද එදින සිට තවත් 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු යොදා තිබේ. එසේම නිරෝධායන කටයුතු පිළිබඳව පසුදින නිරීක්ෂණය කිරීමට පැමිණෙන නිලධාරියාට ද දැන්වීම් කළ යුතුය.

මෙසේ පත්කර තිබෙන නිලධාරීන් නිරෝධායනය වන පුද්ගලයන් සිය නිවෙස්වලම රැුඳී සිටින බවට තහවුරු කරගත යුතුය. අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ චක‍්‍රලේඛ අංක 21/2020 ප‍්‍රකාර ප‍්‍රාදේශීය කමිටුව මගින් මෙම ක‍්‍රියාවලිය අධීක්ෂණය කළ යුතු අතර, නියාමන කටයුතු සඳහා දිස්ත‍්‍රික් කමිටුවට බලය පවරා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More