තමා පොලිසිය හදන බවත්, එසේ කරන්නට බැරි නම් මෙම තනතුරින් ඉවත් වන බව නව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
ඒ සඳහා තමා පොලිසියේ දූෂිත හා අකර්මණ්‍ය තැන් ඉතා ඉක්මනින් සුද්ධ පවිත්‍ර කරන බවද නව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හා පාතාලය සමඟ පැවැත්වූ සම්බන්ධතා සියල්ලම සොයා බලන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
එමෙන්ම කිසිදු චූදිතයෙකුට ගැලවීමට අවස්ථාවක් නොතියන බවට ද අමාත්‍යවරයා ජනතාවට සහතිකයක් දෙයි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉටු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වීරසේකර මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල යූටියුබ් නාලිකාවක් හා සමග පැවති සංවාදයකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...