දේශීය පුවත්

කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මේ වන තෙක් කොවිඩ් මර්දන කමිටු රැස්වීම සඳහා සහභාගී වීමට කැඳවීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

පළමු කොරෝනා රැල්ලේදී ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය රැගෙන ගිය වැඩපිළිවෙලේ දී සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිදුකළ මෙහෙය ඉතා ප්‍රශංසනිය වූ අතර ඔහු පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ තිබිණ.

කොවිඩ් මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වත්මන් කොවිඩ් රැල්ල මර්ධනය කිරීමට කැඳවීමට ක්‍රියා නොකරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍යවරයාව ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම සඳහා කැඳවන බවයි.

කෙසේ වුවත් මේ දක්වා එවැනි ආරාධනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකර නොමැති බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More