පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඇප මත මුදා හැරීමෙන් පසු බන්ධනාගාරය තුල ක්‍රියාක්මක වර්තමාන ක්‍රියාපටිපාටිය අනුව ඇප මත නිදහස් වන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා බන්ධනාගාරය තුළම වෙනම කුටියකට යොමු කිරීම වෙනුවට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යවා ඇතැයි මාධ්‍යය වාර්තා කර සිටී.
බන්ධනාගාරය තුල ක්‍රියාක්මක වර්තමාන ක්‍රියාපටිපාටිය අනුව බදියුදීන් මහතා මැගසින් බන්ධනාගාරය තුළ නිරෝදායනයට රඳවා තිබී ඇති අතර ඇප මත නිදහස් වන අය කොරෝනා පරීක්‍ෂණ සිදු කර එහි ප‍්‍රතිඵල මත නිදහස් කරන ලෙස උපදෙස් ලැබී ඇත.
ඒ අනුව බදියුදීන් මහතා බන්ධනාගාරයේදී කොරෝනා පරීක්ෂණකට ලක් කලද එහි ප්‍රතිඵල නිකුත් වීමට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යවා ඇත.
එසේ සිදු කර ඇත්තේ ඉහලින් ලද උපදෙස් මත බවද මාධ්‍යය වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...