ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ෆිච් රේටිං ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටී.
මුදල් අමාත්‍යංශය නිවේදනයට අනුව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත්තේ සනාථ නොකළ කරුණු මත පදනම්ව බව කියවේ.
මුදල් අමාත්‍යංශය චෝදනා කරණු ලබන්නේ 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ සඳහන් යෝජනා ෆිච් රේටිං ආයතනය මෙම ශ්‍රේණිගත කිරීමට සලකා බලා නැති බවයි.
කෙසේ වුවද, ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළීමට කටයුතු කර තිබේ.
එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.
CCC ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ආර්ථිකයේ ඉදිරි පුරෝකතන ෆිච් රේටිං ආයතනය විසින් සිදු නොකරන බවද පැවසේ.
ෆිච් රේටිං ආයතනයට අනුව ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති අතර ඔවුන්ගේ පුරෝකතනයට අනුව ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානම් තත්වයට වැටීමට නියමිත බවත් කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...