දේශීය පුවත්

ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට නිදහස් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට බන්ධනාගාරය තුළ පැතිර යන කොවිඩ්19 වෛරසය වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ජනපති පොදු සමාව ලබාදීමට අදාළ වන ලිපිය ඊයේ (27 ) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටී.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ ලිපියට අනුව රට පුරා ඇති සියලූම බන්ධනාගාරවලට අදාළ කාරණා සම්බන්ධයෙන් දන්වා යැවීමට කටයුතු කර ඇති බවයි.

සුළු වැරදි සම්බන්ධයෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින 700 ක් පමණ වූ සිරගත රැඳවියන්ට මෙම පොදු සමාව යටතේ නිදහස්ව යෑමට අවස්ථාව හිමිවනු ඇති බවද පැවසේ.
තවද මෙරට බන්ධනාගාරවල පවතින තදබදය හමුවේ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් විඳින පුද්ගලයන්ට ද පොදු සමාව ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර මූලස්ථානය මගින් මරණීය දණ්ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් ලැබ සිටින රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනයක් අදාළ අංශ වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබෙන බවද වාර්තාවේ.

අදාළ යෝජනාවට අනුව මරණීය දණ්ඩනය හිමිවී වසර විස්සක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දී ඒ අය ජීවිතාන්ත සිරදඬුව්වම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරදඳුවම් විඳි රැඳවියන්  සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත්  යෝජනා වීඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්කුඩු ජාවාරම්කරුවන්ට හෝ පාතාල මැරයන්ට මෙම පොදු සමාව යටතේ කිසිදු සමාවක් හිමි නොවන බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More