ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි.
කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ සිය ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගත් පාපන්දු ලොව “කිරුළ” පැලඳූ ඩියෝගෝ මැරඩෝනා පසුගිය දා වයස අවුරුදු 60 දී සිය දිවිගමන අවසන් කළේය.
ආර්ජෙන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තිය වන මැරඩෝනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ ෆිදෙල් කැස්ත්‍රෝ සිය “දෙවැනි පියා” ලෙස සලකන බවත්, දේශපාලනයට එක්වෙන ලෙස තමාගෙන් ෆිදෙල් වරක් ඉල්ලා සිටි බවත්ය.
පසුගිය බදාදා (25 වැනිදා) මියගිය මැරඩෝනාට කිසිවිටෙකත් ෆිදෙල්ගේ එම දේශපාලන අභිලාෂය ඉටුකිරීමට නොහැකි වූ නමුත් “ලතින් ඇමෙරිකාව” පුරා විසිරී සිටින කැස්ත්‍රෝ, වෙනිසියුලාවේ හියුගෝ චාවේස් සහ බොලිවියාවේ ඉවෝ මොරාලෙස් වැනි නායකයන් දිනා ගැනීමට සමත් විය. එසේම ඔවුන් හරහා පුළුල් අන්තර්ජාතික අවධානයක් ලබා ගැනීමටත් මැරඩෝනා කටයුතු කළේය.
“ෆිදෙල් සහ චාවේස් දෙදෙනාම මා වෙනුවෙන් සෑම විටම හොඳම දේ කර ඇත.” යනුවෙන් 2007දී හියුගෝ චාවේස් ද සහභාගි වූ සතිපතා රූපවාහිනි වැඩසටහනකදී ඔහු පවසා තිබුණි.
“මම එක්සත් ජනපදයෙන් එන සෑම දෙයකටම වෛර කරනවා. මම මගේ මුළු ශක්තියෙන්ම එක්සත් ජනපදයට වෛර කරනවා” යැයි මැරඩෝනා එහිදී ෆිදෙල් සහ චාවේස් අනුව යමින් පැවසීය.
බුවනෝස් අයර්ස් නගරාසන්නයේ පැල්පත් ප්‍රදේශයක හැදී වැඩුණු මැරඩෝනා පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී විවිධ චෝදනා ලැබුවද දේශපාලනිකව කොමියුනිස්ට් කියුබාවට ගරු කළේය. ඔහු සිය ජීවිත කාලය පුරාම තමා කොමියුනිස්ට් වාදියකු බව සැබෑවටම ප්‍රදර්ශනය කළේය.
ඇතැම් බටහිර විචාරකයින් මැරඩෝනා යනු ලතින් ඇමෙරිකානු වාමාංශික නායකයන්ගේ ප්‍රචාරක මෙවලමක් සේ ද හැඳින් වූහ. ඔහු ඕනෑම ප්‍රතිචාරයකට මුහුණදීමට ශක්තිය සහිත පුද්ගලයකු ලෙස ද ඔවුහු මැරඩෝනා නම් කළහ.
එවැනි කොමියුනිස්ට්වාදියකු වූ මැරඩෝනා දෛවයේ සරදමකට මෙන් මීට වසර 04කට පෙර ඔහුගේ පිළිමය නිරාවරණය කළ නොවැම්බර් 25දාකම මියගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...