පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට එරෙහි වූ වනජීවී නිලධාරීන් වහාම ස්ථාන මාරු ලබා දිය යුතු බවයි.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අනුව විමලවීර දිසානායක මහතාගේ ජනතාවාදී යෝජනාවලට අවස්ථාව නොදෙන වනජීවී නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු වන අතර එහි සිටි නිලධාරීන් තක්කඩින්වේ.
එහිදී අමාත්‍යවරයා “මෙම වනජීවී නිලධාරීන් විසින් සිදුකරමින් සිටින්නේ මාධ්‍ය සංදර්ශනයක්.තමන් මාධ්‍යයට ගරු කරන නමුත් බය නැති බව කිව යුතුයි” යනුවෙන් පවසා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින්” වනජීවී නිලධාරීන් ජනතාවගේ පැත්තෙන් කටයුතු කරන්නේ නැහැ.වනජීවී නිලධාරීන් නීතිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරනවා. විමලවිර දිසානායක මහතා වනජීවි නිලධාරින් සමග කිසිදු ගැටුමකට ගියේ නැහැ . එතුමා ජනතාව වෙනුවෙන් පෙනී සිටියා.වනජීවී නිලධාරීන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් වගේ.” යැයි පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...