දේශීය පුවත්

ඉදිරි කන්නයේ සිට පොහොර නොමිලයේ ලබාගන්නා ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් කොටසක් අනිවාර්යයෙන් රජයේ සහතික මිලට රජයට අලෙවි කළ යුතු බවට කොන්දේසියන් පැනවීමට තීන්දු කර තිබේ.

පොළොන්නරුවේ සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරය නතර කිරීමට අතිරික්ත සහල් තොග තබා ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය අනුව මෙම කොන්දේසිය පැනවෙයි.

දැනට ගොවි ජනතාවට අක්කරයකට යූරියා පොහොර කිලෝ 90ක් නොමිලයේ ලබා දෙයි. එසේම මඩ පොහොර කිලෝ 25කුත් බණ්ඩි පොහොර කිලෝ 98කුත් නොමිලයේ ලබාදෙයි. සෙසු වගාවන් සඳහා අවශ්‍ය කරන පොහොර ලබාදෙන්නේ මිටියක් රුපියල් 1500කටය. දැන් ලෝක වෙළෙඳපොළේ පොහොර මිටියක වටිනාකම රුපියල් 5000කි. රජය වසරකට පොහොර සඳහා ලබාදෙන මෙම සහනාධාරයට රුපියල් කෝටි 4500ක් වැය කරයි.

එම සහනාධාරය උපයෝගී කරගෙන වී වගා කරන ගොවීන්ගේ වී නිෂ්පාදන හෝ රජය නියම කරන ප්‍රතිශතයක් රුපියල් 50/-ක සහතික මිලට රජයට ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන ළඟදීම ප්‍රකාශයට පත් කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More