ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලියක්‌ වන ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස්‌ තරගාවලිය මෙම 21 වැනිදා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ.

අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ඔටෝබොයිල් ස්‌පෝට්‌ මෝටර් රථ ක්‍රීඩාවේ මව් සංගමයේ සහ ශ්‍රී ලංකා යතුරු පැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් පැවැත්වේ. තරගාවලිය සඳහා මෝටර් රථ තරග ඉසව් 12 ක්‌ සහ යතුරු පැදි තරග ඉසව් 12 ක්‌ පැවැත්වෙන අතර ඒ සඳහා තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගිවීමට නියමිතය. ඒ අනුව අංශ දෙකෙන්ම ඉසව් 24 ක්‌ ක්‍රියාත්මක වේ.

තරගාවලි සංවිධායක කමිටු සභාපති ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක බ්‍රිගේඩියර් එච්.එච්.ඒ.එස්‌.පී.කේ. සේනාරත්න මහතා පවසා සිටියේ, තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ ආසියානු කලාපයේ විදේශ යුද විද්‍යාපීඨයන් හා තරගකාරීව නැගී සිටීමට අවශ්‍ය පුහුණු සහ යටිතල පහසුකම් නංවාලීමට අවශ්‍ය මූල්‍ය ශක්‌තිය සොයා ගැනීමයි. එමෙන්ම වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධානය කිරීම මගින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයටද විශාල ශක්‌තියක්‌ ලැබෙනවා.’ යනුවෙනි.

1993 වසරේදී පළමු වරට ඇරඹි මෙම ධාවන තරගාවලිය මෙවර පවත්වනු ලබන්නේ 26 වැනි වරටය. තරගාවලිය සඳහා ප්‍රීමා කොත්තුමී ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන අතර එක්‌සයිඩ් බැටරි ගෙන්වා බෙදාහරින බ්‍රවුන්ස්‌ සහ සමාගම සම අනුග්‍රාහකත්වය ලබා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More