නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බව අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
“මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරේ ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ශරියා නීතිය හෝ මොකක් වුණත් අපි හොයලා බලනවා. විෂයේ නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිළිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ. අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...