කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා ගුරු සංගමය , කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී.
තවද ලංකා ගුරු සංගමය පවසා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොරෝනා 03 වන මට්ටමේ පැතිරීමකදී පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවයි.
ඒ අනුව කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීම සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, එවන් තත්ත්වයක් යටතේ පාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධරනය කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...