දේශීය පුවත්

2020/21 මුල්‍යය වර්ෂය තුළ රජය සතු ප්‍රධාන ව්‍යාපාර 52ක් රුපියල් බිලියන 10.447ක අලාභයක් ලබා ඇති බව වාර්තා වේ. පාඩු ලැබූ ආයාතන අතර වැඩිම පාඩුව ලබා ඇත්තේ “ශ්‍රී ලංකන් එයා ලයින්” ගුවන් සමාගම වන අතර එහි පාඩුව රුපියල් මිලියන 36,387කි. දෙවැනියට වැඩිම පාඩු ලබන ආයාතනය වන්නේ විදුලි බල මණ්ඩලය වන අතර එහි පාඩුව රුපියල් මිලියන 31,724කි.

මීට අමතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයාතන පිළිවෙලින් රුපියල් බිලියන 4.41ක්, රුපියල් බිලියන 1.17ක් සහ රුපියල් බිලියන 1.02ක් ලෙස පාඩු ලබා ඇත.

රජය සතු ව්‍යාපාර අතරින් 2020 ජූලි 31 වනදා වන විට වැඩිම ආදායමක් ලැබූ ආයාතනය ලෙස සනිටුහන් වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වන අතර එහි ආදායම රුපියල් මිලියන 21,334ක් වේ. ලංකා බැංකුව රුපියල් මිලියන 12,881ක් ලාභ ලබා ඇති බව වාර්තා වේ. මේ අතර මහජන බැංකුව,ජාතික ඉතිරි කිරීමේ බැංකුව,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ලංකා සීනි සමාගම යන ආයාතන පිළිවෙලින් රුපියල් බිලියන 12.88ක්, රුපියල් බිලියන 5.44ක්,රුපියල් බිලියන3.6ක්,රුපියල් බිලියන6.2ක්,රුපියල් බිලියන7.48ක්,රුපියල් බිලියන1.71 සහ රුපියල් බිලියන1ක් ලෙස ලාභ ලබා ඇති බව පැවසේ.

මෙම තොරතුරු 2020/21 මුල්‍යය වර්ෂය සඳහා නිකුත් කළ රාජ්‍යය මුල්‍යය කළමනාකරන වාර්තාවේ 2020 ජූලි මස 31 වන දිනට අදාල ආයාතන ලැබූ ලාභ අලාභ ගණනය කිරීම් ඔස්සේ තහවුරු වන බව විද්වතුන් පවසති. ඔවුනට අනුව වරාය අධිකාරිය ලංකා සහ සීනි සමාගම යන ආයතන හැරුණු විට අප රටේ ඉහළ ආදායම් ලබන ආයාතන වී ඇත්තේ මුල්‍යය සේවා සපයන ආයාතනයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍යය ඒකාධිකාරිත්වය පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයාතන පාඩු ලැබීමත් රටක ආර්ථික දේහයේ රුධිරය බඳුවන ගමනා ගමන මණ්ඩලය වැනි ආයාතන පාඩු ලැබීමත් අතිශය සංවේදී කාරණා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More