දේශීය පුවත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරීයේ ඉඩමක පදිංචිව සිටි ඉඩම් අහිමි අනවසර ගොවීන්ගේ නිවාස රාශියක් බුල්ඩෝසර් යොදා කුඩුපට්ටම් කොට කුඩා දරුවන් සමග එම පවුල් එලවා දමන දුක්මුසු දර්ශන ඊයේ දින ඇතැම් රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය විය.

ඒ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති නිලධරියෙකු සදහන් කළේ එම ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු වශයෙන් ලබා දීම සඳහා එසේ අනවසර කරුවන් ඉවත් කරන බවය.

පසුගිය දිනවල මහවැලි අධිකාරිය මගින් මහා පරිමාණ ව්‍යාපාර සඳහා ඉඩමි  බදු දීමට තිබෙන බවට ඔවුන්ගේ වෙබ් අඩවියේ දැන්වීමක් පළකොට තිබුනි.

ඒ පිළිබඳව විමසීමේදී එම නිලධාරියා සඳහන් කළේ දැන්වීම් දැම්මට දෙන අයට තමයි දෙන්නෙ යනුවෙනි. ඒ අතර මොනරාගල, අම්පාර, බදල්ල දිස්ත්‍රික්ක තුනටම අයත් වන අක්කර 15,000ක් මහා සමාගමකට බදු දීම සඳහා අනවසර ගොවීන් 60 දෙනෙක එලවා දැමීමට ද කටයතු කරන බව වාර්තාවේ.

www.facebook.com/NewsfirstSL



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More