ඌව පළාතේ පළාත් පාලන ආයතනවල අයවැය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා තෙක් අත්හිටුවීමට බදුල්ල මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගහපිටිය පෙරේදා (25 වැනිදා) නියෝග කළේය.
ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නිකුත් කර ඇති 2199/25 අංක දරන එම ගැසට් නිවේදනය තුළ තැන් දෙකකම ඌව පළාත් සභාව වෙනුවට වයඹ පළාත් සභාව යනුවෙන් සඳහන් කර තිබිණි.
ඌව හා වයඹ පළාත් මාරු කරමින් නිකුත් කළ එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඒක්සත් ජාතික පක්ෂ බදුල්ල මහනගර සභා මන්ත්‍රී රවී සුරේෂ් විසින් බදුල්ල මහාධිකරණය වෙත ගොනු කළ පෙත්සම සලකා බලමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙදින දෙපාර්ශ්වයටම අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...