දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොමිෂන් සභා පහක් සඳහා සාමාජික / සාමාජිකාවියන් පත්කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස එම්. එම්. මොහොමඞ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් නම් කර ඇති අතර, සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා පත් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ඉන්‍ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් නම් කර ඇති අතර; සභාපති ලෙස විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පත් කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස එස්. ලියනගම, සංජීව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන් සහ පේ‍්‍රමසිරි ප‍්‍රනාන්දු යන අය පත්කර ඇති අතර; සභාපති ලෙස පත්කර ඇත්තේ හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතාය.

මෙයට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය මහතා පත්කර ඇත. විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපති ලෙසට හිටපු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නම් කර ඇත. හිටපු විනිසුරුවරියක් වන දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ඨ යන අය එහි සෙසු සාමාජික / සාමාජිකාවෝ වෙති.

 

ඒෂියන් මිරර් වාර්තාවක් ඇසුරෙනි – තොරතුරු : https://am.lk/local-news/item/53896-5



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More