දේශීය පුවත්

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර ගැටලූවක් නිරාකරණය කරගැනීමට යෑමේදී ඊයේ (26දා) උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

පොළොන්නරුව ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයන්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප‍්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ. ඊට වනජීවී නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇත.

මේ තත්ත්වය මත වනජීවී නිලධාරීන්ට තර්ජනය කරමින් පොලොන්නරුව ජල ගැලූම් නිම්න රක්‍ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහස්ථ ගවයන් රක්‍ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලෙසට ඇමැතිවරයා විසින් වනජීවී නිලධාරීන්ට බලපෑම් කර තර්ජනය කිරීමට විරෝධය දක්වමින් අද (27 දා) දිවයින පුරා වනජීවී නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කර සිටී. මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් ඊයේ (26 දා) ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥාපනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජීවී නිලධාරීන්ට බලකිරීම සහ දෙපාර්තමේන්තුව සහ බලධාරීන් හෙළා දැකීමට විරුද්ධව ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය සහ වනජීවී එකමුතුව විසින් එක් දින සංකේතාත්මක වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මහවැලි කලාපයේ පොලොන්නරුව ජල ගැලූම් නිම්නයේ රක්‍ෂිතයට අනවසරයෙන් පුද්ගලයන්ට ඇතුළුවීම අනවසර එළි පෙහෙළි කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට නිලධාරීන්ට තර්ජනය කිරීම නිසා මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයට එළඹුණ බව හෙතෙම පැවසීය.

මේක පැහැදිලිවම බලපෑම් සහ තර්ජනය කිරීමක්. මේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ක‍්‍රියාවට විරෝධය පළ කරමින් එක්දින අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේතාත්මක වැඩවර්ජනයක් සිදු කරනවා. මෙවැනි තර්ජන නැති කිරීමටත්, නීතිගරුක සමාජයක් බිහි කිරීමටත් මෙය සිදු කරනවා. කිසිදු රාජකාරි කටයුත්තකට අවතීර්ණ වෙන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍යවරයා වන අලින්ගේ ආහාර ජලය තමයි විනාශ කරන්නේ. වන අලි ගම්වැදීම වැළැක්වීමට ඇති දේවල් තමයි රාජ්‍ය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ. එයට එරෙහිව තමයි අපි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නේ. එහි වගකීම වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා භාරගත යුතුයි. වනජීවී අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කර තිබෙන බවද අද දින උදෑසන ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොමැති වුවහොත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එළඹෙන බවද සභාපතිවරයා පැවසීය. පසුගිය 26 දා අදාළ රාජ්‍ය ඇමැතිවරුන් ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවට එක් වූ අතර එහිදී ඔවුන් මාර්ගය ඉදිකිරීමට ජනතාවට පොරොන්දු දී ඇත. වන ජීවී නිලධාරීන් කරුණු ඉදිරිපත් කිරීමේදී අශෝභන ලෙස බැණ වැදුණු බවට වන ජීවී නිලධාරීහු චෝදනා කරති.

https://www.facebook.com/A5News.lk/videos/1828939900589749/?t=3



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More