දේශීය පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මාධ්‍යය ඒකකය ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් හෙයින් ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරගෙන ඇති බව ලක්ෂමන් කිරිඇල්ල මහතා පාරිමේන්තුවේදී පවසූ බව සඳහන් කරයි.

එම මාධ්‍යය නිවේදනය පහතින්

ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මෙසේද පැවසීය.

පොහොර ගැටඵව පිළිබදව මම හසලක ප‍්‍රදේශයේ ගොවි මහත්වරු සමග සාකච්ඡා කලා. ගොවියන්ට ලබාදෙන පොහොර ප‍්‍රමාණය 2018 වඩා හරි අඩක් අඩුකරලා තිබෙනවා. මේ පිළිබද වහාම අවධානය යොමු කරන්න.

ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවාදය අවස්ථාවේදී මා මතක්කර සිටියා මහින්ද රාජපක්‍ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහත්මයා සමග පොරොන්දු වූ ගිවිසුම අනුව අභ්‍යන්තර පරික්‍ෂණයකට එක`ග වුනූ බව. මහින්ද රාජපක්‍ෂ මහත්මයා එම පොරොන්දුව ඉටු නොකල නිසා අපේ ආණ්ඩුව කාලේ අපි අභ්‍යන්තර පරික්‍ෂණයකට එකග වුනා. පසුව වත්මන් ආණ්ඩුව එය ඉල්ලා අස්කර ගත්තා. මම ඊයේ අනතුරු ඇගවීමක් කෙරුවා මේ පිළිබදව.

ඊයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරලා තියෙනවා, ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට. ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් ඒක රටට ගැටඵවක්.

2015 ට පෙර අප රට තිබූ තත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනා සම්මත උනා. 2015 අපේ රට හිටියේ ආර්ථික සම්බාධක අභියස. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න.

– මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More