ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම විකිණීමක් නොකරන බවත් දියුණු කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් කැඳවීම පමණක් සිදුකරන බවත්ය.
මෙම ක්‍රියාවලිය විකිණීමක් ලෙස අර්ථ දක්වන්නේ මොලේ අමාරු කාරයන් පමණක් බවත් ඇමතිවරයා මෙහිදී අවධාරණය කරණු ලැබීය.
මෙම ආණ්ඩුව සෞභාග්‍යය දැක්ම ප‍්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක් බවත් ජාතික සම්පත් කිසිවක් විකිණීමක් මෙම ආණ්ඩුව යටතේ සිදු නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
එසේ වුවද විවිධ ක්‍ෂෙත‍්‍ර දියුණු කිරීමට ආයෝජකයන් අවශ්‍ය වන බවත් ඔවුන් එන්නේ ඉන්දියාවෙන්ද, චීනයෙන්ද, ඇමරිකාවෙන් ද, එංගලන්තයෙන් දැයි වැදගත් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඕනෑම ආයෝජකයෙකුට රට ඉදිරියට යන ගමනේදී මෙරටට පැමිණීමට බධවක් නොමැති නමුත් ජාතික දේපල කිසිවක් විකුනන්නෙ නැති බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...