පොහොට්ටුවෙන් තමාට විශාල කැපිල්ලක් ඇති බවත් තමාගේ ඇමති ධුරයෙන් තමාව කැපුවේ නෙලුම් මාවතෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
එලෙස තමාව කැපුවේ කවුද යන්න තමා දන්නා බවත් වෙලාව පැමිණි විට ඒ ගැන කියන බවද ඒ මහත්මිය සඳහන් කළාය.
රමේෂ් පතිරණ මහතා ඇතුලු ගාල්ලේ කණ්ඩායම තමාව පරාජය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටි බවත් අදත් රමේෂ් පතිරණ මහතා තමාට දේශපාලනය සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඇය පවසයි.
තම නිවසේ ගෑස් උදුන ඇර තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කල බව සඳහන් කරන ඇය වැඩිදුරටත් සඳහන් කලේ තමාගේ ඇගේ තවම පිළිස්සුනු කැළැල් ඇති බවය.
තමා මානසික පීඩනයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තැනට මැතිවරණ සමයේදී පත් වුණු බවද ඇය සඳහන් කළාය.
තමාට දේශපාලනය නිසා තම ස්වාමියා සහ දරුවන් අහිමි වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...