ප‍්‍රධාන පුවත්

යුරෝපා සංගම් ඖෂධ අධිකාරිය [European Medicines Agency (EMA)] සහ යුරෝපයේ අනෙකුත් නියාමන අධිකාරී ආයතන විසින් Covid-19 එන්නත් ඇගයීම් සහ අනුමැතීන් සඳහා ගතවන කාළය අඩු කිරීම සඳහා පියවරගෙන ඇති බවත්, රුසියාවේ Sputnik V එන්නත් නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවත් එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සනාථ කළේය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 18,674ක පිරිසකට පලමු එන්නත ලබා දීමෙන් දින 42කට පසුව කරන ලද පර්යේෂණයන්හි ප්‍රථිඵල අනුව 95% ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි පර්යේෂකයින් ස්ථිර කරන අතර මෙම එන්නත අගෝස්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කිරීමට රුසියානු සෞඛ්‍ය බළධාරීන් විසින් පියවර ගෙන තිබුනි.

එයට අමතරව රුසියාවේම තවත් නිෂ්පාදනයක් වන EpiVacCorona එන්නත ද පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කිරීමට එම බළධාරීන් පියවර ගෙන තිබුනි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මේ මස ආරම්භයේදී ප්‍රකාශ කර තිබුනේ Sputnik V එන්නතේ සාම්පල දැනටමත් ඉන්දියාව, හංගේරියාව, ආර්මේනියාව, බෙලරූස් සහ තවත් රටවල් කිහිපයකටම යවා ඇති බවයි.

එයට අමතරව Sputnik V සහ EpiVacCorona යන එන්නත් දෙකම මිළදී ගැනීම සඳහා තවත් රටවල් දුසිම් ගණනාවක් ඉදිරිපත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනි.

වැඩිමනත් තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න.
https://sputniknews.com/europe/202011261081282328-eu-drug-agency-confirms-talks-with-producer-of-russias-sputnik-v-vaccine-are-ongoing/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More