ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව විශ්ව විද්‍යාලය කොරෝනා අවසන් වීමෙන් පසු රජය සමග සාකච්ඡා කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඒ මහතා මේ බව කියා පැවසීය.
හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 3 වන දිනටයි. ඒහිදී මෙම විශ්වවිද්‍යාලයේ ති‍්‍රමාණ සජීවීකරණය කළ සැලැස්මක් කොමිසම හමුවේ ප‍්‍රදර්ශනය කළ සාක්ෂිකරු මෙසේ පැවසීය.
”ස්වාමිනි, බැටික්ලෝ කැම්පස් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. මම මේක හැදුවේ නැගෙනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙන ගන්න. මේක හදලා ඉවර වෙද්දි ආසියාවේ ලොකුම විශ්ව විද්‍යාලය බවට පත් වෙනවා. අක්කර 100 ක හදන්නයි ප්ලෑන් කළේ.
දැනට සිසුන් 3000 කට ඉගෙන ගනන පුඵවන්. හදලා ඉර වෙද්දි 10,000 කට විතර අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේ සදහා අරාබියේ සමාජ සේවා සංවිධානයකින් රුපියල් බිලියන 3.6 ක මුදලක් හම්බෙලා තියෙනවා. ඉදිකිරීම් අවසන් වෙද්දි රුපියල් බිලියන 18 ක් වගේ යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.” යනුවෙන් පැවසීය.
අරාබි ගෘහ නිර්මාණ ශිල්පය මේකට භවිත කළේ ඇයි දැයිි රජයේ අධිනීතිඥවරයා විමසා ඒහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අරාබි ගෘහ නිර්මාණ ශිල්පය නොව ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය මේ සදහා යොදාගෙන ඇති බවයි
ශරියා නීතිය උගන්වන්නත් මෙහි පාඨමාලාවක් තියෙනවා නේදැයි රජයේ අධිනීතිඥවරයා ප‍්‍රශ්න කළා. ”මුලින්ම එහෙම අරමුණක් තිබ්බා, විෂයන් 10 න් දෙකක් ශරියා නීතිය සම්බන්ධන්ධවයි. නමුත් ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. පස්සේ අපි විශයන් 08 කට අඩු කළා යනුවෙන් හිස්බුල්ලා මහතා පිළිතුරු ලබා දුනි.
මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා ලැබී ඇත්තේ ආධාරයක් ද නැතහොත් ණයක් ද යනුවෙන් ප‍්‍රශ්න කෙරුණා. සාක්ෂිකරු එහිදී ප‍්‍රකාශ කළේ වසර 15 කින් ගෙවීමට හැකි වන සේ ණයක් ලැබුණු බවයි.
සාමාන්‍යයෙන් ණය ගිවිසුමකට එළඹීමේදී සාක්ෂිකරුවෙකු ලෙස බාහිර පාර්ශ්වයක් අත්සන් තබනවා නේදැයි කොමිසමේ දී ප‍්‍රශ්න කෙරුණා. එමෙන්ම ණය ගෙවීම පැහැර හැරියහොත් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබදවත් මේ ගිවිසුමේ සදහන්ව නැති බවයි ප‍්‍රකශ කෙරුණේ. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු ප‍්‍රකාශ කළේ ”ඉස්ලාමය කියන්නේ අල්ලා දෙවියන්. අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒ විශ්වාසය මත තමයි අපි ගිවිසුම් ගත වෙන්නේ. ඒ නිසා ලිඛිත ගිවිසුම් අපිට ප‍්‍රශ්නයක් නැහැ. යනුවෙන් පැවසුවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...