මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් යැයි සැලකෙන “ෂේන්යා දුව” නම් වූ ට්‍රෝලර් යාත්‍රාවක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 100 ක් සමඟ ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්ව ඇති බව එරට ලැබෙන ආරංචි මාර්ග පවසයි.
ඉන්දීය ආරක්ෂ නිළධාරීන් පවසන ආකාරයට ඔවුන් විසින් දින නවයක් තිස්සේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස “ෂේන්යා දුව” ට්‍රෝලර් යාත්‍රාව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සල් 99ක ඇසිරූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100 ක් සමඟ කුඩා පාර්සල් 20 ඇසිරූ තවත් කෘත්‍රීම මත්ද්‍රව්‍යය වර්ගයක්ද තිබී ඇත. ට්‍රෝලර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය ලෙස පුද්ගලයන් 6දෙනෙකු සිට ඇති අතර ඔවුන් සතුව මිමි 9 යේ පිස්තෝල 5ක් “තූර්යා” නම් වර්ගයට අයත් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක එක් දුරකතනයක් ද අත් අඩංගුවට ගත් බව කියවේ.
ඉන්දීය වෙරල ආරක්ෂක නිළධාරින් පවසන ආකාරයට පකිස්ථානයේ සිට කුඩා ඔරුවකින් මෙම මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කර ඇති අතර “ෂේන්යා දුව” වෙත ඒවා භාර දී ඇත. ඉදිරි විමර්ෂණ කටයුතු “ෂේන්යා දුව” ට්‍රෝලර් යාත්‍රාව තූත්තුකුඩි වරායට රැගෙන ආ පසු සිදු කිරීමට නියමිතය. මෙම ට්‍රොලර් යාත්‍රාව මගින් ඔස්ට්‍රේලියාව සහ වෙනත් බටහිර රටවල් වලට විෂ මත් ද්‍රව්‍යය ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන මූලික පරික්ෂණ වලදී තහවුරු වී ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...