ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා සාමාජිකයන් පත්කර ඇටි බව වාර්තාවේ.
ඒ අනුව නිමල් ජී. පුංචිහේවා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර, එම්. එම්. මොහොමඩ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබේ.
විනිසුරු ජගත් බාලපටබැඳි මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ද, ඉන්‍ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන් ලෙසද නම් කර ඇත.
හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙසත්, එස්. ලියනගම, සංජීව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන් සහ පේ‍්‍රමසිරි ප‍්‍රනාන්දු යන අය සෙසු සාමාජිකයන් ලෙසත් පත්කර ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය මානව හිමිකම් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.
හිටපු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිත්වයට නම් කර ඇති අතර හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ඨ යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...