දේශීය පුවත්

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 30 වනදා ප්‍රකාශකට පත් කරන බව කොළඹ මහාධිකරණය ඊයේ (25) නිවේදනය කළේය.

ඒ, එම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම පසුගියදා අවසන් වූ අතර බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු චූදිතයින්ට ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවටත් එහෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය ප්‍රකාරව විත්ති වාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙසත් විත්තියේ නීතීඥවරුන් සිය ලිඛිත දේශන බාරදෙමින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

ඊයේ දිනයේදී පැමිණිල්ලේ ලිඛිත දේශන ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් අධිකරණයට බාරදුන් අතර ඒ අනුව මෙම නඩුවේ විත්ති වාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනුසුරුවරයා ප්‍රකාශ කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More