දේශීය පුවත්

පාසල් ආරම්භ කර (25 දා) වන විට දරුවන්ගේ පැමිණීම සියයට පනස් එකක්ව (51% ක්) පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට (25 දා) පැවසීය. ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූදෙකක් (82% ක්) බවද ඒ මහතා කීය.

වයඹ පළාතේ දරුවන්ගේ පැමිණීම සියයට හතළිස් හයක් සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට හැත්තෑ පහක්ද, දකුණු පළාතේ දරුවන්ගේ පැමිණීම සියයට තිස්තුනක් සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට හැත්තෑපහක්ද, සබරගමුව පළාතේ දරුවන්ගේ පැමිණීම සියයට හතළිස් නමයක් සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූතුනක්ද, උතුරුමැද දරුවන් සියයට හතළිස් හතක්ද, ගුරුවරුන් සියයට අසූවක්ද, මධ්‍යම දරුවන් සියයට අනූනමයක්ද, ගුරුවරුන් සියයට හැත්තෑ හතරක්ද, උතුරු පළාතේ දරුවන් සියයට පනස් දෙකක්ද, ගුරුවරුන් සියයට අසූපහක්ද, නැගෙනහිර පළාතේ දරුවන් සියයට හැට දෙකක්ද, ගුරුවරුන් සියයට අසූහයක්ද, ඌව දරුවන් සියයට හැත්තෑ එකක්ද, ගුරුවරුන් සියයට අසූහයක්ද පැමිණ සිටි බවද ලේකම්වරයා කීය.

මහනුවර නගරයේ කොරෝනා තත්ත්වයක් මතුවීම නිසා මහනුවර නගර සීමාවේ පාසල් සතියක් වසා දැමීමට කටයුතු කරන ලෙසටද ලේකම්වරයා උපදෙස් දී තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවන් කිහිප දෙනකු පීසීආර් පරීක්‍ෂණයකට ලක් කළ බවත් එහි වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පියවර ගන්නා බවත් ලේකම්වරයා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More