දේශීය පුවත්

යහපාලන රජය සමයේ රිෂාඩ් බදියුදීන් රජයේ මුදල් රුපියල් මිලියන 775ක් භාවිත කරමින් මන්නාරම තාරාපුරම්හි සමුපකාර ගම්මානයක් ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට ලැබුණ පැමිණිල්ලක් අනුව ඇමැතිවරයා පසුගිය ඉරිදා (22 වැනිදා) තාරාපුරම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අගෝස්තු මස 16 වැනි දින ඇමැති මණ්ඩල අනුමැතියද ලැබී ඇත.

තාරාපුරම් වැව ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදුකිරීම, බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම, පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා මෙම රුපියල් මිලියන 775 වැය වන බව ඇමැති මණ්ඩල සංදේශයේ සඳහන් වෙයි. තාරාපුරම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම සමුපකාර ගම්මාන ව්‍යාපෘතිය හිටපු ඇමැතිවරයා ක්‍රියාත්මක කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙම මුදල් වැය කිරීම සඳහා සමුපකාර සමිතියක්ද පිහිටුවා ඇති අතර එහි සාමාජිකයන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ද නොවන බව වාර්තා වෙයි.

අයවැය ප්‍රතිපාදන මත 2017 වසරේ රුපියල් මිලියන 300ක්ද, 2018 වසරේදී රුපියල් මිලියන 200ක්ද, වෙන්කර ඇත. මෙම සමුපකාර ගම්මානය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස 2020/ජූලි මස/08 වැනි දින හිටපු වෙළෙඳ ඇමැති චමල් රාජපක්ෂද පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන් වන්නේ අන්තවාදීන් පුහුණු කිරීම සඳහා මෙම සමුපකාර ගම්මානය යොදා ගත්තේ දැයි විමර්ශනය කළ යුතු බවයි.

තාරාපුරම් සමුපකාර ගම්මාන ව්‍යාපෘතියේ මෙතෙක් නොගෙවූ රුපියල් මිලියන හැටක මුදල ගෙවන ලෙස ඉල්ලා වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන වෙත ලිපිගොනුවක්ද ඉදිරිපත් කර තිබේ. එම මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යාංශ ලේකම්වරිය එය වෙළෙඳ ඇමැතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ගෙවීම් අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම හිටපු අතිරේක ලේකම්වරයා ස්ථාන මාරුවක් ලැබ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස මේ වන විට සේවය කරන බවද වාර්තා වෙයි. ඔහු ස්ථාන මාරුව ලැබී යන විට වෙළෙඳ අමාත්‍යාංශයේ ජීප් රථයක්ද රැගෙන ගිය බව මාධ්‍ය පසුගිය කාලයේ වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More