මැයි මස 08 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් මැයි මස 08 වැනිදාට පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙන බව වාර්තා වේ.
අප්‍රේල් 12 වැනිදා මධ්‍යම රාත්‍රිය වාර අවසාන වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය මැයි 08 වැනිදා ආරම්භ කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණද නව සැසිවාරය ආරම්බ වන වේලාව එම ගැසට් නිවේදනයේ සදහන් නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ බලතල අනුව අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසාන කර නව සැසිවාරය මැයි 08 වැනිදා ආරම්භ වන බව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දැනුම් දුනි.
08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන වේලාව මෙහි සදහන් නොවන නිසා ආරම්භවන වේලාව සදහන් කරමින් තවත් ගැසට් නිවේදනයක් ලබන සතිය තුළදීවත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිකුත්කළ යුතු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්බ කරන වේලාව අත්‍යවශ්‍ය බවත් එය ආරධනා පත්වලටද ඇතුළත් කළ යුතු නිසා ගැසට් නිවේදනයක් මගින් වේලාව කඩිනම්න් දැනුම් දෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...