නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ‘නිවාර්’ චණ්ඩ සුළි කුණාටුව අද (26 දා) අලූයම වන විට තමිල්නාඩුවට ඇතුළු වුවද තවත් චණ්ඩ සුළි කුණාටුවක් එම ප‍්‍රදේශයේම නිර්මාණය වී ශ‍්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපෑම් ඇති කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව මේ සතිය අවසානයේ (30 – -01) නිර්මාණය වීමට පසුබිම සකස් වෙමින් තිබෙන බව ද ඉන්පසු එයට නමක් සහ ගමන් මාර්ගය පිළිබඳව සඳහන් කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.
‘නිවාර්’ සුළි කුණාටුවේ බලපෑම අදින් අවසන් වුවත් ඉදිරියේදී ඇතිවීමට නියමිත සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ පළාත්වලට අධික සුළං සහ වැසි ද අනෙක් පළාත්වලට වැසි සහ සුළං තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...