මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම යාත්‍රාව, දින 9 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බදාදා (25) දින තූත්තුකුඩියට දකුණින් වන ගැඹුරු මුහුදේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු සිට ඇති අතර, අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ; පාකිස්ථානයේ කරච්චි නුවරට ආසන්න ගැඹුරු මුහුදේදී එරටට අයත් නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය තම යාත්‍රාවට ලබාදුන් බවත්, ඒවා ඕස්ට්‍රේලියාව ඇතුලු බටහිර රටවලට ප්‍රවාහනය කරමින් තිබූ බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...