විදේශ පුවත්

ඇමෙරිකානු යානා බිම හෙළනවා

September 27, 2017 5:56 pm | Lanka Lead News

ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බිම හෙළීමට කටයුතු කරන බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව සැප්තැම්බර් 3 වැනිදා ඔවුන්ගේ සයවැනි සහ බලසම්පන්නම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කිරීමත් සමඟ ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර තිබෙන අර්බුදය උග්‍ර අතට හැරිණි. උතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනයද වැඩිවිය. කෙසේ නමුත් නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදීත් දෙරටේ නායකයන් එකිනෙකාට තර්ජනය කිරීමත් උපහාස අපහාස කරගැනීමත් නිසා දෙරට අතර තිබෙන අර්බුදය නව මානයකට හැරිණි.

“අපගේ නායකයා තවත් ඉවසන එකක් නැහැ” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා සඳහන් කළේය.

ඇමෙරිකාව උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් ඊට එරෙහිව පියවර ගැනීමට උතුරු කොරියාවට සෑම අයිතියක්ම ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.

(රොයිටර්-055)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More