ප‍්‍රධාන පුවත්

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්යේෂණයන්හි ප්‍රථිඵල අනුව 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි පර්යේෂකයින් වන මොස්කව් හි Gamaleya Center සඳහන් කරන අතර, රුසියානු සෞඛ්‍යය බළධාරීන් පවසන්නේ එන්නත ලබාගැනීම අනිවාර්‍ය්ය නොවන බවයි.

නුදුරේදීම, මෙම එන්නත රුසියාවෙන් පිටත රටවල් වල ප්‍රධාන එන්නත් නිෂ්පාදන සමාගම් තුළදී ද නිපදවා බෙදාහැරීමට දැනටමත් සැළසුම් කර ඇති බවත් 2021 වසරේදී බිලියනයකට අධික එන්නත් ප්‍රමාණයක් නිපදවීමට සැළසුම් කර ඇති බවත් මෙම එන්නතේ නිෂ්පාදන ආයෝජකයින් වන Russian Direct Investment Fund (RDIF), හි ප්‍රධානීන් සඳහන් කර සිටී.

ඒ අනුව ලොව පුරා මිලියන 500කට අධික ජනතාවකට එන්නත ලබාගැනීමට හැකිවන බවත් එන්නත් වාර දෙක සඳහාම ඔවුනට වැයවන්නේ ඩොළර් 20ක් වැනි මුදළක් පමණක් බවත් ඔවුන් ප්‍රකාශ කර සිටී.

එම මිළ, ඇමරිකානු නිෂ්පාදන දෙකක් වන Pfizer සහ Moderna එන්නත් දෙකෙහිම අනුමාන මිළ ගනන් වන ඩොළර් 39 සහ ඩොළර් 50-74 යන මිළ ගණන් හා සසඳා බැලීමේදී 50%කටත් වඩා අඩු මිළක් වන බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

එමෙන්ම රුසියානුවන්ට මෙම එන්නත නොමිළයේ ලබාදීමට එරට සෞඛ්‍ය බළධාරීන් පියවර ගනු ඇති බවත්, ප්‍රථම තොගය 2021 ජනවාරි මසදී ජාත්‍යන්තර ප්‍රජාවට ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer සහ Moderna එන්නත් දෙකද 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවට වන වාර්තා හොඳ ප්‍රවනතාවයක් වන අතර, රුසියාවද මෙම ගෝලීය වසංගතය තුරන් කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වීමට මහත් උනන්දුවෙන් සහ කැපකිරීමෙන් වැඩ කිරීමට සූදානම් බව Russian Direct Investment Fund (RDIF). ප්‍රධාන විධායක නිළධාරී Kirill Dmitriev,වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටී.

ඔහු තව දුරටත් පවසා සිටින්නේ මේ වනවිට ලොව පුරා මිලියන 59.4කට වෛරසය ආසාදිත වී මිලියන 1.4කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එන්නත් වෙළඳපොලෙහි තරඟකාරිත්වය.තීව්‍ර වෙමින් පවතින බවත්ය.

මේ දක්වා ලෝක සෞඛ‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇත්තේ Sputnik V එන්නත පමණක් වන අතර, එය මුල් වරට අගෝස්තු මාසයේදී ලියාපදිංචි කළ අවස්ථාවේදී සිට බොහෝ බටහිර මාධ්‍ය විසින් එය හෙලාදකිමින් පහර ගසන ලද නමුත් ඒ කිසිවකින් නොසැලුනු රුසියානු බළධාරීන් එහි සාර්ථකත්වය අත්කරගනිමින් සිටී.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් එක බලන්න.
https://www.rt.com/russia/507705-sputnik-vaccine-billion-doses-price/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More