දේශීය පුවත්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවෙකුගේ සහ සිසුවියකගේ මව සහ පියා Covid 19 ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන ඇත.

අම්බන්ගොඩ තිලක පුර පදිංචි මෙම දරුවන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වන අතර පසුගිය 16වනදා නිවසට පැමිණ තිබේ. අනතුරුව ඇතිවූ හදිසි අසනීප තත්වයක් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

කෙසේ වෙතත් සඳුදා (23දා) පාසල් ආරම්භ වීමත් සමඟ ආසාදිත මව සහ පියාගේ දරුවන් දෙදෙනා, අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක් වන මෙම පාසල් දෙකට පැමිණ තිබේ.

අනතුරුව; කරන ලද කරන ලද PCR පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව, මෙම දෙමාපියන්ට Covid 19 ආසාදිත වී ඇති බව අඟහරුවාදා (24) දින තවුරුවිමත් සමඟ සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

මේ නිසා ආසාදිත දෙමාපියන්ගේ දරුවන් සඳහා හෙට 25 දිනයේ ඵ්Cර්‍ පරීක්ෂණ සිදුකරන බවත් එහි වාර්තා ලැබෙන තෙක් පාසල් දෙකේ 9 සහ 11 ශ්‍රේණිවල සිසුන් 30දෙනෙකු සහ ගුරුවරුන් 8දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පැවසෙනවා.

ලැබෙන ප්‍රතිපල වර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බළධාරීන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More