දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් සාක්ෂි ලබා දුන් අතර, හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මස 17 වන දින “බී.බී.සි සිංහල“ සේවයට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීමට අවසර ඉල්ලා සිටියේය.

මෙම පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී පවසා තිබෙනවා; ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම භාරගන්න” යනුවෙන්; අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්ණ කර සිටියේය.

“එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනි,” යනුයෙන් ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.

“ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළ කරන්න ඕනේ කියලා,” යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කර සිටියේය.

“මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදී කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා.

නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමඟ මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

“මහජන ආරක්ෂක පණතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිළිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේදැයි?” හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසමින් ප්‍රශ්ණ කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා “ගැසට් නිවේදනවල සහ නීතිපොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ” යනුයෙන් පවසා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කරමින් “හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියලා” විමසා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා එයට පිළිතුරු දෙමින් “ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා” යනුයෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More