දේශීය පුවත්

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පළමු මැනීමෙන් පූජා භූමියට ඇතුළත් වූ මුඩු ඉඩමක සිදු කරන ලද ඉදිකිරීමක් සහ එහි තිබූ කෙසෙල් වගාවක් නිසා ඊයේ (23 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසි​යේ මැදිහත් වීමෙන් ගැටලුව සාමකාමීව විසඳුණි.

 

දෙවනගල භාරකාර ස්වාමීන් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණියේය. මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති අසේල හේරත් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කෙසෙල් වගාකරමින් සිටි පුද්ගලයන්ට අවවාද කර එය නවතා දැමීමට කටයුතු කළේය. එම මුඩු ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා භාගෙට සකස් කළ ඉදිකිරීම්ද පුද්ගලයන් ලවාම පොලිසිය විසින් ඉවත් කරවීය.

 

දෙවනගල විහාරස්ථානයට අයත් මුඩු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් හෝ වගාවක් නොකරන ලෙස පොලිසිය මගින් එහි පදිංචි ජනතාව දැනුවත් කර තිබියදී එම නිතීයට අවනත නොවූ පිරිසක් විසින් මෙම නිතී විරෝධි කටයුත්ත සිදු කර තිබිණි.

 

මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ ඇති ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා ඉදිකිරීමක් ආරම්භ කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදාය. දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේ ආගමික කටයුත්තකට දුර බැහැර ගොස් සිටියදී මෙම ඉදිකිරීම සිදු කර තිබිණි. උන් වහන්සේ විසින් අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

 

මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ පැවසීය.

අපිට තිබුණ ප්‍රධාන ගැටලු කිහිපයක්. එකක් තමයි ඉඩම් ගැටලුව. අනික අන්තවාදින් විසින් පුරාවිද්‍යා උරුම විනාශ කිරීම. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුව කිසිම ස්වාමින් වහන්සේ නමකට විසඳා ගන්න බැරි වුණේ අපේකම නැති කළු සුද්දෝ වාගේම මුස්ලිම් අන්තවාදීන් යන දෙපාර්ශ්වය එකමුතුවෙන් මෙම පුණ්‍ය භූමිය විනාශ කිරීම නිසාය.

අද මේ ගැටලු විසඳෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණාට පසුවයි. එතුමාට වුවමනාවක් තිබුණා පුරාවස්තු මෙන්ම ජාතික උරුම ආරක්ෂා කර ගන්න.

ඒ අනුව දෙවනගල ඉඩම් කොල්ලය මෙන්ම දෙවනගල පුරාවස්තු සංහාරය ගැනත් අවධානය යොමු වුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More