දේශීය පුවත්

කොවිඩ් මරණ 94 දක්වා ඉහළට

November 24, 2020 11:00 pm | Lanka Lead News

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 94කි.

 

01. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයවෙත ඒවා ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 22 වනදා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රිය වීමය.

 

02. සියඹලාපේ දකුණ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 22 වනදා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් කොවිඩ් -19 ආසාදනය සමග උත්සන්න වීමය.

 

03. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මුලික රෝහලවෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් -19 නිව්මෝනියාව වේ.

 

04. බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර රෝහලේ සිට IDH  රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගය වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More