ප‍්‍රධාන පුවත්

G 20 සමුලුව අවසන්වී සතියක් යෑමටත් පෙර චීන ජනාධිපති ෂී ජින්පින්ග් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමඟ දුරකථන සංවාදයක යෙදෙමින් පවසා ඇත්තේ, සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට Covid-19 එන්නත සාධාරණ මිළකට කාර්යක්ෂමව බෙදාහැරීම අරමුණු කරගෙන නිෂ්පාදනය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ ජර්මානු සහ යුරෝපා සංගමයේ සමාගම් වලට එක් විය හැකි බවයි.

යුරෝපා රටවල් වසංගතයේ දෙවෙනි රැල්ලකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ මෙම අභියෝගය ජය ගැනීම සඳහා සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් ඇයට පවසා ඇත්තේ මෙම ගෝලීය අර්බුධය අවස්ථාවේ ජර්මානු සහ යුරෝපා සංගමයේ සමාගම් ද්විපාර්ශවීය සහයෝගීතාවය මත පදනම්ව චීන සමාගම් සමඟ අන්‍යෝන්ය ගරුත්වය රකිමින් අන්‍යෝන්ය ප්‍රතිලාභ සඳහා කටයුතු කරණු ඇතැයි චීනය බළාපොරොත්තු වන බවයි.

චීනයේ මෙම අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා මෙම එන්නත් සඳහා චීන වෙළඳපළ විවෘත කිරීමට චීනය අපේක්ෂාකරන බව ද ඔහු ඇන්ජලා මර්කල්ට පවසා ඇත.

වත්මන් ගෝලීය අර්බුධකාරී අවස්ථාවේ චීන සහ යුරෝපා සංගමයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම ඉතා වටිනා බවත්, චීන-යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම මේ වසර අවසානයේ අත්සන් කිරීම සදහා අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට දෙපාර්ශවයම උනන්දුවෙනු ඇතැයි තමා බළාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ඇන්ජලාට පවසා ඇත.

සැළසුම් කළ පරිදි එම ගිවිසුම අවසන් කිරීමට ජර්මනිය බළාපොරොත්තු වන බවත් ඒ අනුව පරිසර සුරක්ෂිතභාවය, කාළගුණ විපර්යාස, ආයෝජන සහ එන්නත් නිෂ්පාදනය හා බෙදාහැරීම යන කාරණා වලදී චීනය සහ ජර්මනිය අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් කටයුතු කළ හැකි බව පිළිතුරු ලෙස මර්කල් පවසා ඇත.

එමෙන්ම වඩා යහපත් චීන-ජර්මානු සහ චීන-යුරෝපා සංගම් සබඳතා පුනර්ජීවනය කරමින් පවත්වාගෙන යාම දිරිමත් කිරීමට ඇය අපේක්ෂා කරන බව ද මර්කල් වැඩිදුරටත් ෂී ජින්පින්ග්ට පවසා ඇත.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.cgtn.com/news/2020-11-24/Xi-Jinping-and-Merkel-discusses-vaccine-distribution-after-G20-summit–VGu8YoolzO/index.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More