දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට අනිවාර්යයෙන්ම යා යුතු යැයි එජාප හිටපු මන්ත‍්‍රී කණ්ඩායම විසින් ඊයේ (23 දා) සිරිකොතදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කළ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා යළි ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තාවේ.

එහිදී යම් හෙයකින් පක්‍ෂ නායකයා මන්ත‍්‍රී ධුරය භාර නොගන්නේ නම් නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා මන්ත‍්‍රී ධුරය භාර ගත යුතු බවටද ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තවේ.කෙසේ වුවද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධව අවසන් එකගතාවකට එළැඹීමට නොහැකි වූ බැවින් තවත් දිනයක කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.

කෙසේ වුවද දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට අනිවාර්යයෙන් හිමි වනු ඇති බවයි. ඔවුනට අනුව රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන උරුමය ලේ ඥාතියෙකුට පවරා මිස එජාපයෙන් විශ්‍රාම නොයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More