දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (23) ද රැස්වූ අතර; එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විවෘත කිරීමට සූදානම් වූ මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගණුදෙනු සිදු ව ඇති බව එහිදී අනාවරණ විය.

කොල්ලුපිටියේ, රාජ්‍ය බැංකු ශාඛාවක හිටපු කළමනාකාරවරියකගෙන්, ජනාධිපති කොමිසම සාක්ෂි විමසනු ලැබූ අවස්ථාවේ මේ බව හෙළිදරව් විය.

2016 ජනවාරි මස දී බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආරම්භ කළ ගිණුමේ බළයලත් නිළධාරීන් ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා යන නම් සඳහන් ව ඇති බවත්, තම රාජ්‍ය බැංකු ශාඛාවේ “Batticaloa Campus” නමින් ජංගම ගිණුම් 2ක් සහ එක් Zසියා (Ziya) ගිණුමක් ඇති බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

මෙම ගිණුමට අවස්ථා 7කදී රුපියල් මිලියන 3640කට වැඩි මුදලක් “විදෙස් ප්‍රේෂණ” (Foreign Remittances) ලෙස ලැබී ඇති බවද, එම අවස්ථා 7දීම මුදල් බැර කර ඇත්තේ “සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි” නැමැත්තෙක් බවද ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදි කොමිසම විමසුවේ, එම “විදෙස් ප්‍රේෂණ” කුමකට භාවිත කළා ද?, ගිණුම් ආරම්භ කිරීමේ අරමුණ හා සැසදෙනවා ද? යන්න සොයා බැලුවේ ද යන්නය.

මෙතන ගිණුම ආරම්භ කිරීමේ අරමුණ තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම. ඒ දේ වෙන බව අපි මාධ්‍ය ඔස්සේ දැක්කා. එතනින් එහාට සොයාබැලීමක් සිදුවුනේ නැහැ යැයි සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.
එසේම මෙම ගිණුමෙන් අවස්ථා රැසකදී චෙක්පත් මගින් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදල් ලබාගැනීම් රැසක් සිදුකර ඇති බව හිටපු කළමනාකාරිණිය පැවසුවාය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා;

සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වැඩි මුදල් ගැනීමක් එකවර සිදුවෙනවා නම් මහ බැංකුව දැනුවත් කරන්න ඕනේ. ඉතිං මේ සැකකටයුතු ගනුදෙනු ගැන මහබැංකුව දැනුවත් කළා ද? යනුවෙන් විමසුවේය.
මහ බැංකුවට වාර්තා කරලා නැහැ ස්වාමිනි. මම ඒ පිළිබඳව අපේ ප්‍රධාන ශාඛාවේ අනුකූලතා අංශය දැනුවත් කළා. නමුත් ප්‍රධාන ශාඛාවෙන් මහ බැංකුව දැනුවත් කරලා නැහැ. මහ බැංකුවට මේ පිළිබඳ දැනුම් දී තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යැයි සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.

මෙහිදි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් “හීරා පදනම”ට අදාළව කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවේ ඇති ගිණුම් ගැන ද කොමිසමේ අවධානය යොමුවිය.

ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් එම ශාඛාවේ හිටපු කළමනාකාරිණිය කියා සිටියේ, “ලංකා හීරා ෆවුන්ඩේෂන්” නමින් 1993 අගෝස්තු 18 ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. බළයලත් නිළධාරින් ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ නම සඳහන් ව තිබෙනවා.” යනුවෙනි.

මෙම ගිණුමට “විදේශ ප්‍රේෂණවලින්” මුදල් ලැබිලා තියෙනවාදැයි කොමිසම විමසා සිටියේය.

අවස්ථා 15 කදී “විදේශ ප්‍රේෂණ” විදිහට රුපියල් මිලියන 313 කට අධික මුදලක් ලැබී තිබෙන බව සාක්ෂිකාරිය කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More