උතුරු සහ නැගෙනහිර පළාත් වල ඉඩම් බෙදා දීමේදී ඒවා පිළිබඳව පුරා විද්‍යාවට අදාළ වාර්තා ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමසේවක නිලධාරීන්ට ලබාදෙන ලෙසට පුරාවිද්‍යා කොමසාරිස්වරයාට බලපෑම් එල්ල වන බව වාර්තා වේ.
එම බලපෑම් හමුවේ වර්තමාන කොමසාරිස්වරයා ඉල්ලා අස්වීමට සූදානම්වන බව සහ ප්‍රසිද්ධ පුරා විද්‍යා මහාචාර්යවරයෙකු එම තනතුරට පත් වීම සඳහා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.
පසුගිය දින උතුරු සහ නැගෙනහිර පළාත් වල විශේෂ ඉඩම් නිලධාරීන් පිරිසක් ඉඩම් කොමසාරිස් විසින් ගැසට් නිවේදනයක් මඟින් පත් කරනු ලැබීය.
ඊට අමතරව 5/2001 චක්‍රෙල්ඛය අහෝසි කිරීම මඟින් රට පුරා ඉඩම් අක්කර ලක්ෂ 12 ක් බෙදා දීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන ලදී.
එම ඉඩම් අක්කර ලක්ෂ 12 න් වැඩි ප්‍රමාණයක් ඇත්තේ උතුරු සහ නැගෙනහිර ආශ්‍රිත ප්‍රෙද්ශවල බවද වාර්තා වේ. ඒ අනුව පුරාවිද්‍යා වාර්තා ලබා දීමේ බලය පහළට පවරන්නේ මහා පරිමාන ඉඩම් කොල්ලයක පෙර නිමිත්තක් ලෙස බවට මන්නාරම ප්‍රදේශයේ ප්‍රභල රාජ්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත පැවසීය.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අදාළ නිලධාරීන් බහුතරය දෙමළ සහ මුස්ලිම් වන බැවින් තත්වය භයානක බවද ඔහු කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...