පෑලියගොඩ මිනී කනත්ත සහ ආදාහනාගාරය නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට පෑලියගොඩ නාගරික මන්ත්‍රී කේ.ඩී චන්ද්‍රරත්න මහතා පවසයි.
පෑලියගොඩ වෙළඳපොළ ලඟ මිනී කනත්තක් තිබීම හොඳ නැති බව කියමින් එම ඉඩම කොල්ල කන බව ඔහු කියයි.
මීට පෙර කොළඹ මුත්තයියා පාරේ කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය තිබූ වටිනා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොල්ල කන ලද බවට විශ්ව විද්‍යාල ආදී විද්‍යාර්තීන් විසින් චෝදනා කරනු ලැබීය.
ඒ අතර නාරාහේන්පිට මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ ඉඩමට ද එම ඉරණම අත්වන බව වාර්තා විය.
පසුගිය දිනවල නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල ප්‍රතිකාවක් මඟින් අධිකාරිය විසින් පවරාගන්නා ඉඩම් පුද්ගලික ආයෝජකයෙකුට ලබා දීමට අවසර ලබා ගත් බවද වාර්තා විය.
ඒ අතර මහවැලි සංවර්ධන අධිකාරිය ද එම පනත යටතේ ඇති බලතල යොදා ගනිමින් අක්කර දහස් ගණනින් පුද්ගලික ආයෝජකයින්ට ලබාදෙන බව ද වාර්තා වේ.
එසේ ඉඩම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස මහවැලි අධිකාරියේ වෙබ් අඩවියේ දැන්වීමක් ද පළකොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...