සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් වාර්තාකොට ඇති පරිදි ඩොලර් 332,000 ක දූෂණයක් පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකදී පවත්වන නඩුවක විත්තිකරුව සිටින ඇමෙරිකාවේ හිටපු තානාප. සහ පසුගිය යහපාලන රජයේ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා බේරා ගැනීම සඳහා වර්තමාන රජයේ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා උත්සහා දරා ඇත.
ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට නිවසක් මිලදී ගැනීමේදී කොමිස් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු තානාපතිට තවදුරටත් තානාපති මුක්තිය තිබෙන බව විදේශ අමාත්‍යංශය හරහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යැවීම සඳහා එසේ පී.බී ජයසුන්දර මහතා මැදිහත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය 2017 වසරේදී ACSA ගිවිසුම අත්සන් කිරීමට සහ 2015 දී මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට පක්ෂවන ලෙසට ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රභල බලපෑමක් සිදුකළ බවට පසුගිය කාලයේදී ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...