Uncategorized

ආර්ථික විශ්ලේෂක නිමල් සඳරත්න මහතා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් මඟින් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ ආදායම් සහ වියදම් අතර දැනට තිබෙන රු. බිලියන 1564 ක පරතරය ඉදිරි කාලයේදී තවදුරටත් වර්ධනය වන බවය.

ඔහුට අනුව දැනට ආණ්ඩුව වියදම් ලෙස ඇසතමේන්තුකොට ඇති මුදල වන රු. බිලියන 5,525 තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇත. ඊට හේතුව ලෙස දක්වන්නේ කෝවිඩ්- 19 පාලන කටයුතු සහ මහජනයාට සවන්දීම සඳහා වැය වන අමතර පිරිවැය වලට අමතරව රාජ්‍යසේවය පවත්වාගෙන යාම සඳහා වැටුප්, දීමනා, විශ්‍රම වැටුප් සහ අනෙකුත් වියදම් සියල්ල ඉහළයාමේ ඉඩ කඩක් තිබීමය.

ඊට අමතරව රජයේ නව බදු ප්‍රත්ති අනුව අයවැය මඟින් ආදායම් ලෙස ගණනය කරන රු. බිලියන 1961 ක තවදුරටත් පහළ වැටෙන බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට රාජ්‍ය ආදායම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 13% දක්වා පහත වැටී ඇති අතර රජය බලයට පත්වීමෙන් පසුව බැංකු පද්ධතිය හරහා රු. බිලියන 1600 ක් ණය ලබාගෙන ඇති බවද වාර්තා වේ.

රාජ්‍ය ආයතන විසින් ලබාගෙන ඇති රු. බිලියන 600 ක අමතර ණය සමඟ එකතු කළ විට දැනටමත් වසරකදී දේශීයව බැංකු හරහා ලබාගෙන ඇති ණය ප්‍රමාණය රු. බිලියන 2200 කි.

මෙම ණය වලින් බහුතරය මහ බැංකුව මඟින් ලබා ගෙන ඇති බවට තොරතුරු තිබෙන බැවින් එම ප්‍රමාණයට මුදල් අච්චු ගැසීමට සිදුවන බවද කියවේ. ඒ අනුව ඉදිරි වර්ශයේ උද්දමනය ඉහළ යාමේ ඉඩ කඩ ද ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More