දේශීය පුවත්

කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්නාරමේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරන මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉල්ලා සිටින යෝජනාවටද දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන බවයි.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන තොරතුරු පදනම් කරගෙන මුස්ලිම් දේශපාලනඥයන් එම මළ සිරුරු මන්නාරම වැනි රශ්මිය අධික පළාත්වල භූමදානය කිරීමට රජයට යෝජනා කොට ඇති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරයි.

නමුත් දෙමළ ජාතික සන්ධානය මන්නාරම ඇතුළු මේ රටේ දෙමළ වැසියන් ජීවත්වන කිසිදු පළාතක කවර ජාතිකයකට අයත් කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට තදින්ම විරෝධය පළකරන බව මන්ත‍්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් ස`දහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More