දේශීය පුවත්

වටිනාකම් පහක් ඇති බව කීවද කිසිඳු වටිනාකමක් නැති බවට පසුගිය කාලයේදී චෝදනාවට පත් වූ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පිරිවෙන් පාලනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ස්වාමීන්වහන්සේ  නමක් සඳහන් කරන්නේ මෙම යෝජනාව කරන ස්වාමීන් වහන්සේට එම ආයතනයේ ප්‍රධානියා වීම සඳහා ආණ්ඩුවෙන් එම ඉල්ලීම කරන බවය.

අප වෙත අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේට අනුව මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ මර උගුලක් විය හැකිය. ඊට හේතු  දක්වන උන් වහන්සේ සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදීන් මද්‍රසා පාසල් නීතිගත කිරීම සඳහා වෙනම නීතියක් අවශ්‍ය බවට කරනු ලබන ඉල්ලීම් එනම් නීති විරෝධී දේ අහෝසි කිරීම හෝ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම වෙනුවට ඒවා වෙනම නීතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීම් සාධාරණීකරණය කිරීම සඳහා පිරිවෙන් දෙපාර්තමේන්තුවක් ඉල්ලා සිටින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More