හොර ඒජන්සි ආයතන හරහා විදෙස් ගත වු ශ්‍රී ලාංකිකයන් විසි හත් දෙනකු මේ වසරේ ගත වු කාල සීමාව තුලදී රුසියානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් 17 දෙනෙකු තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අනෙක් පුද්ගලයන් දස දෙනා පිළිබඳව තවදුරටත් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, රුසියානු සමූහාණ්ඩුවේ විවිධ නගරවල ඇති රැඳවුම් මධ්‍යස්ථානවල තවදුරටත් රඳවා සිටින බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
හොර ඒජන්සි මගින් ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයන් එරටදී නීතියේ රැහැනට අසුවන බැවින් හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පවසන තානාපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ “රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව; ශිෂ්‍ය හා සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වසරින් වසර විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.”
එම අධ්‍යාපනික නියෝජිතායතන, විදේශ රැකියා නියෝජිතායතන හෝ සංවිධාන ගත කණ්ඩායම් හෝ සම්බන්ධයෙන් රට තුල ගන්නට අපේක්ෂා කරන නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි විදේශ අමාත්‍යාංශය ප්‍රසිද්ධියට පත් කර නැති අතර, මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන විදේශික ශ්‍රී ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීති විරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී තිබෙන බවයි.
බොහෝ විට, ඉහළ වැටුප් සහිත රැකියා ලබාගැනීම සහ දේශසීමා හරහා යුරෝපා රටවලට ඇතුළුවීම සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාජ පොරොන්දු මඟින් නොමඟ යවනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්; ශිෂ්‍ය, සංචාරක වීසා මඟින් එරටට යවනු ලබන බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් පෙන්වා දෙයි.
රුසියාව කරා ගමන් කිරීම සඳහා මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැලකිය යුතු තරම් විශාල මුදල් ප්‍රමාණ මෙම නියෝජිතවරුන් විසින් අයකර ඇති බව අනාවරණය කරන තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය තවදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්පසු, ඔවුන් නීතිවිරෝධී ලෙස බෙලරුස්, යුක්‍රේනය වැනි රටවලට සහ තවදුරටත් යුරෝපය තුළට මිනිස් ජාවාරමක් ලෙස යැවීම සඳහා උත්සාහ දරණ බවයි. එම මාධ්‍ය නිවේදනය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ බොහෝ ශ්‍රී ලාංකික සිසු සිසුවියන්, සැකයකින් තොරව පැමිණෙන සිසුන් සූරාකෑම සහ නිසි නීතිමය මාර්ග නොසලකා මුදල් ලබා ගැනීම අරමුණු කොට ගත් වංචනික නියෝජිතයන්ගේ උපායවලට ගොදුරු වෙමින් පවතින බවයි.
රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට ළඟා වීම සඳහා එවැනි නීති විරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙස රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට තරයේ අවවාද කරයි.
සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වේ.
සංක්‍රමණික සේවකයන් ලෙස නීතිවිරෝධී අන්දමින් රැඳී සිටීම, වීසා බලපත්‍ර කල් ඉකුත්වීම සහ සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම, ව්‍යාජ ශිෂ්‍ය,රැකියා වීසා බලපත්‍ර ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේශසීමා තරණය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ගණනාවකට සිර දඬුවම් හා දඩ නියම කර ඇති බව රුසියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් විසින් මෙම තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.
සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිණිස, මිනිස් ජාවාරම් පිළිබඳ වාර්තා වූ පැමිණිලි පිලිබඳ විස්තර සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද රජයන්හි අදාළ බලධාරීන් දැනුවත් කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මූලික පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.
එබැවින් එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, මිනිස් ජාවාරමට ගොදුරු නොවී සිටින ලෙසත් මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට තරයේ අවවාද කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...