දේශීය පුවත්

ගුරු වෘත්තිය සංගම් ඇතුළු සංගම් ගණනාවක් අද (23) දින පාසල් ආරම්භ කිරීමේ තීරණයට විරුද්ධත්වය පළ කර තිබුන ද, අද දින පාසල් ආරම්භ කිරීමට බළධාරීන් තීරණය කරන ලදී.

තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටින අතර, අද දින ළමයින්ගේ පැමිණීම ඉතාම අඩු මට්ටමක තිබූ බව ද වාර්තා වෙයි.

මේ අතර; දෙරණ Big Focus වැඩසටහනට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කර සිටියේ, අද දිනයේ පාසල් ආරම්භ කරන්නේ කොරෝනා සමග එය සිදු කරන්නේ කෙසේදැයි අදහසක් ගැනීමට බවත්, දරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් රජයක් ලෙස තමන් එම වගකීම භාර ගන්නා බවත්ය. පාසැල් දිගටම වසාගෙන සිටියහොත් කිසිදු තක්සේරුවක් ලබා ගත නොහැකි බවත්, මෙමගින් ලැබෙන අත්දැකීම් සමග ඉදිරිය සකස් කර ගත හැකි බවත්ය.

බළධාරීන් මේ සූදානම් වන්නේ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට දැයි දෙමාපියන් සහ ගුරු වෘත්තිය සංගම් ඇතුළු අනෙකුත් සංගම් ප්‍රශ්ණ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More