දේශීය පුවත්

තුන්වන පාසල් වාරය ආරම්භ කළද නිසි සෞඛ්‍ය පහසුකම් නැතිකමින් සිසුන්ගේත් ගුරුවරුන්ගේත් ජීවිත අවදානමකට පත්ව ඇති බවත්, ඊට විසඳුමක් නොදුනහොත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරිවලින් ඉවත් කරගන්නා බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(23) පැවසීය.

අද (23) දින පාසල් ආරම්භ  කිරීමත් සමග උතුරු මැද පාසල් 14 ක් තාවකාලිකව වසා දැමීම හා පාසල් තුල ඇතිවු සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත්  මෙසේද පැවසීය.

“බොහෝ පාසල්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබදව සොයා බලන්න  කෙනෙක් නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාසල්වලට එන්න  වෙලාවක් නැහැ. ඒ ඔවුන්ගේ රාජකාරි ධාරිතාව වැඩි නිසා.මේ තත්ත්වය තුළ  අද වන විට දරුවන්ගේ ජීවිත ගැන දැඩි අවදානම් තත්වයක්  ඇති වෙලා.

මේ මොහොතේ  අධ්‍යාපන  අමාත්‍යාංශය  හිතුවක්කාර නොවී කටයුතු කළ යුතුයි. මේ කොරෝනා අවදානම නිසා  දරුවන් පාසල් ඇවිත් තියෙන්නේ  ඉතාම අඩුවෙන්. අපි අධ්‍යාපන ලේකම්වරයාට කිව්වා  පාසල් පියවරෙන් පියවර  පටන්  ගන්න  කියලා. නමුත් කාගේ හෝ අවශ්‍යතාවයකට පාසල්  පටන් ගත්තා.

පාසල් ආරම්භ  කළ දිනයේදීම අනුරාධපුරයේ  පාසල් 14 ක්ම සෞඛ්‍ය හේතු මතා වසා දමලා තිබෙනවා. කඩිනමින් මේ පිළිබඳව තිරණයක් නොගත්තොත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත්කර ගන්නවා” ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More