69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද දින (23) අය වැය විවාදය අතරතුර ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක මද්‍රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බව දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී පවා සාක්ෂි ලැබී ඇතැයිද ඇමැතිවරයා පවසා සිටියේය.
කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවයි. ඒවා අධීක්ෂණය තම වගකීමක් බවද ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...